Gmail දැන් සිංහලෙන්
ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල
භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල්
සමත්ව වී තිබේ. නව භාෂා 13ත් සමග ජී මේල් භාවිතා කල හැකි භාෂා ගණන 71 දක්වා
ඉහලගොස් තිබේ.
ජී මේල් වෙත එක්වූ අලුත් භාෂා වනුයේ
Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French
(Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala,
Zulu යන භාෂා වේ.
ඒ අනුව දැන් ඔබටත් ඔබගේ ජී මේල් ගිණුම සිංහලෙන් භාවිතා කල හැකිය. ඒ සඳහා ඔබගේ ගිණුම සකස් කරගැනීමට පහත උපදෙස් පිළිපදින්න
- ජීමේල් වෙත යන්න
- දකුණු පසින් ඇති Settings ලකුණ වෙතගොස් click කරන්න.
- ඉන් Settings තෝරන්න.
- ඉහලින්ම ඇති “Gmail display language” මෙනුවෙහි “Language” යටතේ "සිංහල"තෝරන්න.
- පහතින්ම ඇති Save Changes click කරන්න.
No comments:
Post a Comment