Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !
Android
L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය
Android 5.0 නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ
මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව
Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන
ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව
මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4,
Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන
සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත.
මේ
නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙනම වෙනස වන්නේ Material Design නමින්
හඳුන්වන අලුත් මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව
අතුරුමුහුණත සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන අැති අතර කටහඬට
ප්‍රතිචාර දැක්වීම සඳහාද පහසුකම් පුළුල් කර ඇත.
අලුත්
දෘශ්‍ය මුහුණුවරට අමතරව අලුතින් APIs 5000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දී
ඇති අතර ඒ හරහා විවිධ ප්‍රමාණ වලින් යුත් devices සඳහා Apps නිර්මාණය
කිරීමට පහසුකම් සැපයෙනු ඇත. අලුත් Notification පහසුකම මඟින් ඔබට ලැබෙන
notification සීමා කර ඇති අතර ඒ හරහා අනවශ්‍ය පරිදි ජංගම දුරකථනය බාධාවක්
වීම අවමවනු ඇත. තවද අලුතෙන් හඳුන්වාදුන් බැටරි ආයුකාලය වැඩි කිරීමේ පහසුකම
මඟින් අමතර අත්‍යවශම වේලවෙකදී අමතර මිනිත්තු 90ක් දක්වා ජංගම දුරකථනය
භාවිත කරන්නට ඔබට හැකියාව ලැබේවි. එකම උපරකණයක් කිහිප දෙනෙකු භාවිත කරන
විට ඒ ඒ පුද්ගලයාට විවිධ profile සාදා භාවිත කරන්නට පුළුවන් ආකාරයේ
පහසුකම් වගේම දුරකථනය නැතිවූ විට හෝ සොරකම් කර විට factory reset කිරීම
අපහසු කිරීමත් විශේෂ හඳුන්වා දීමක්.
No comments:
Post a Comment