Sunday, 9 November 2014

ලංකාවේ ප්‍රථම සහ එකම ගොනු හුවමාරු සේවාව ඇරඹේ!

ලංකාවේ ප්‍රථම සහ එකම ගොනු හුවමාරු සේවාව ඇරඹේ!

[​IMG]

වෙනත් බොහෝ රටවල මේ සඳහා වෙබ් අඩවි තිබුනද මෙතෙක් ලංකාවට mediafire වැනි ගොනු හුවමාරු සහ ගොනු backup සේවාවක් නොතිබුනි. පසුගිය දිනෙක Pawana Team එක හා තවත් පිරිසක් එක්වී ලංකාවේ ප්‍රථම ගොනු හුවමාරු සේවාව ලෙස FileDrive ආරම්භ කෙරිණි.

මෙමඟින්...

  • තවදුරටත් E-Mail යැවීමේදී attachment වල ප්‍රමාණය ගැන බිය විය යුතු නොවේ. FileDrive වෙත ගොනුව/ගොනු උඩුගත කර එහි සබැඳිය ඊ-මේල් එකට යොදා යවන්න.
  • ඔබේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට පිවිසෙන පිරිසට ගොනු බාගත කරගත හැකිවේ.
  • ඔබේ ගොනු පරිඝනකයේ තිබියදී හානි වේයැයි බිය විය නොවේ. ඔබේ ගොනු ඕනෑම කාලයක් අපගේ සර්වර් හි ගබඩා කර තබන්න.
  • ලංකාවේ සහ ඇමරිකාවේ සර්වර් දෙකක් මඟින් ක්‍රියාත්මක වන නිසා ගොනු වල ආරක්ෂාව සහ තත්වය පිළිබඳ බියවිය යුතු නැත.

සියලුම සාමාජිකයන්ට මේ වන විට 2GB දක්වා ඉඩක් නොමිලේ ලබාදෙන අතර ඉදිරියේදී එය 5GB, 10GB කර ඉන්පසු ඕනෑතරම් ගොනු එකතුකර හැකිවන පරිදි Unlimited කිරීමට කණ්ඩායම සූදානමින් සිටීයි! ‍එමෙන්ම බාගත සහ උඩුගත වේගය සීමා නොකර ඇති අතර රෙජිස්ටර් නොවුනු සාමාජිකයන්ටද එය අදාල වේ(සාධාරණ භාවිත ප්‍රතිපත්තිය හේතුවෙන් බාගත වේගය උපරිම 10MB/s පමණක් ලැබේ.)

සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම සේවාව ලබාගත හැකිවේ. ඉදිරියේදී දෙමළ සහ හින්දි බසින්ද භාවිත කල හැකිවනු ඇත.

දැන්ම FileDrive හි රෙජිස්ටර් වී සාමාජිකයන්ට පමණක් ලැබෙන සුවිශේෂී දෑ අත්විඳින්න !
මෙතනින් යන්න​.


www.filedrive.us

No comments:

Post a Comment