Sunday, 9 November 2014

ඇමරිකානු රාජ්‍ය පරිගණක 10% ක් තවමත් XP භාවිතයේ...

ඇමරිකානු රාජ්‍ය පරිගණක 10% ක් තවමත් XP භාවිතයේ...


12 වියැති සේවයක් ලබා දුන් XP සදහා මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්වන අවසාන යාවත්කාලීනයට සතියක් ඉතිරිව ඇති මේ වන විටත් ඇමරිකානු රාජ්‍ය ආයතනයන්ගේ PC යන්ත්‍ර වලින් 10%ක් ධාවනය වන්නේ තවමත් XP මෙහෙයුම් පද්ධතිය බවටයි නවතම වාර්ථාවක් පවසන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ මෙම පරිගණක අතර එරට classified military මෙන්ම  diplomatic networks මට්ටමේ ද පරිගණක වන බවයි. බොහෝ උසස් නිලධාරීන්ගේ බලාපොරොත්තුව වී තිබූ එලබෙන අප්‍රේල් 8 දායින් අවසන් වන XP වෙතට සහය දැක්වීමේ කාලය දිගුවනු ඇති බව සදහා තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු සටහනක් දී නොමැති වනවා. ATM යන්ත්‍ර වැනි ගැටලුකාරී විය හැකි උපකරන වල පවා තවමත් ධවනය වෙමින් ඇති XP පිලිබදව අනතුරු අගවමින් Avast ආයතනයද පසුගිය දා ප්‍රකාශ කර සිටියේ පහසු ඉලක්කයක් වීමේ හැකියාව පිලිබදව කල්පනා කාරීවීම වැදගත් වනු ඇති බවයි.සදා ජය​......

No comments:

Post a Comment